ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ඊයේ (03) වන වන විට මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ගෙන්වා ඇති එම සහල් තොගය අතරට කැකුලු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් ඇතුළත් බවයි.

සහල් ආනයනය එළඹෙන ජනවාරි 10වන දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ මේ මස 10 වනදායින් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *