දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි.

ආනයනික සහල් තොග වෙළෙඳපොළට පැමිණීමත් සමඟ සහල් මිල අඩුවෙමින් පවතින බවද ඇතැම් ප්‍රදේශයන්වල වී මිලද අඩු වෙමින් පවතින බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 5,200ක ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එහි පළමු තොගය එළඹෙන 19වනදා මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *