ජාතික රාමදාන් උත්සවය “සලාම් රාමදාන්” මැයෙන් 31දා දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ වලදී පැවැත්වෙනවා.

බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව උත්සව ව්‍යාපෘතිය පිළිබඳව සැලසුම් කර ඇති අතර මීට සමගාමීව මාර්තු 31දා දක්වා දින 10ක් පුරාවට කොළඹ නගරය වටා ආලෝකවත් කිරීමට සහ ‘ග්‍රීන්පාත්’ පරිශ්‍රයේ දින තුනක් සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවය සංවිධානය කිරීම හරහා මුස්ලිම් ජනයාගේ විවිධ පාරම්පරික සහ සාම්ප්‍රදායික චාරිත්‍ර ආදී හරයන් පිළිබඳව මූලික අවබෝධය හා දැනුම වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් “සලාමි රාමදාන්” සංවිධායකවරු පවසනවා.

මුස්ලිම් සංස්කෘතීන්ට සම්බන්ධ බොහෝ දෑ පිළිබඳ දැනුම මෙම සංස්කෘතික උත්සවයේදී සමාජයට පිරිනැමීමට සුදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *