රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුඛ පැතුම් පණිවිඩයෙන් පවසනවා .
අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,
ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද, සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති.
එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය.
සාමය, සාධාරණත්වය, මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජ යන අනාගතයක් උදෙසා ජාති භේදයෙන් තොරව, එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලු මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.