“සුන්දර වෙරළක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ සුන්දර වෙරළ නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද (09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි.
සුන්දර වෙරළක් ආකර්ෂණීය ගමනාන්තයක් යන තේමාව යටතේ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බවත් එහි ප්‍රධාන වැඩසටහන වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළා.