ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුකදීයි.
ඔහු වැඩිදුරටත් කියාසිටියේ වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76ක් දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් කියසිටියා.
එමෙන්ම ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.