ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී ඊයේ (03) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී තිබෙනවා.

ඒ නාවික හමුදා මූලස්ථානයේදීයි.

නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේ මෙම නිල හමුවේදී ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී විසින් 26වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනමා ඇති බවයි.

අනතුරුව දෙරට අතර සහයෝගීතාවය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *