2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම ආරම්භ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛනයේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ආයතනය තුළ දුෂණය අවම කිරීම සහ සුපිළිපන් බව ඉහළ නැන්වීම එම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *