සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් මස 09වනදා සිට 21වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කළේ ඔවුන් එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බවයි .

ඒ ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙනවා.

කොමිෂන් සභාව සඳහන් කළේ එහිදී 1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712 595 555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවයි.

එසේම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව නිවේදනය කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *