දූෂණ චෝදනාවක් සමබන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකණය විසින් නියම කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් 19වනදා දක්වායි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.