බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා.

මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි.

හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබු මෙම නිවස ගිනි තබා තිබුනේ හසීනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය අගෝස්තු මාසයේදී පැවතී බංගලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසීනා තවමත් ඉන්දියාවේ රැඳී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *