සිවිල් යුද ගැටුම් පවතින සුඩානයේ පසුගිය වසර ඇතුළත ළමා අපයෝජන සහ දූෂණ සිදුවීම් 221ක් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ වසර දෙකකට වැඩි කාලයක් පුරා ඇදී යන සුඩානයේ සිවිල් යුද ගැටුම් අතරතුර මාස 12ක බිළිඳියකද දූෂණයට ලක්වී ඇති බවයි.
ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් ගැහැනු දරුවන් පමණක් නොව පිරීමි දරුවන්ද අපයෝජනයට ලක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එවැනි සිදුවීම් 16කටම ගොදුරුවී ඇත්තේ අවුරුදු 5ට වඩා අඩු වයසේ පසුවන දරුවන් බවත් යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර තිබෙනවා.