බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අදාළ ආයතනයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයාගෙන තිබෙනවා.

සුරාබදු නිලධාරීන් සඳහන් කළේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවයි.

එම වැටලීමේදී කොළඹ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *