කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී ඊයේ (07) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම යානය කඩාවැටී ඇත්තේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් 6දෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

විල්සන් ගුවන්තොටුපොළෙන් පිටත්ව සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබියයදී කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා ඇතුළුව පුද්ගලයින් සිවුදෙනෙක් යානයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාටම දිවි අහිමිවී තිබෙනවා.

අදාළ යානය කඩාවැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි දෙදෙනෙක්ටද මෙම අනතුරින් දිවි අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *