සමගි ජන බලවේග පක්ෂ සම්මේලනය සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාර්තු 29 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ සම්මේලනය පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවත් මාර්තු 19 පැවැත්වෙන පක්ෂ කළමනාකරණ කමිටුවේදී සම්මේලනය පැවැත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

මේ අනුව, සම්මේලනයට අදාළ සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර ගැනීමට සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවට බලය ලබා දී තිබෙනවා.

සමගි ජන බලවේග ආසන බල මණ්ඩල සහ සජබට සම්බන්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට මහා සම්මේලනය වෙනුවෙන් සහභාගි වීමට ආරාධනා කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *