සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය අද (23) පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී භාරදී ඇති බවයි වාර්තා වන්නේ.