සමාජ ක්‍රියාකාරිකයෙක් වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව ඔහුව කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.