දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ යානය කඩා වැටීමත් සමඟ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පවතින ගොඩනැගිල්ලක් ගිනි ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *