ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයක් තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (09) ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39ක පිරිසක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.
එරට වේලාවෙන් පෙරවරු 11.00 වන විට ඡන්දදායකයින්ගෙන් 18%කට වඩා වැඩි පිරිසක් රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධූරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය පසුගිය අප්‍රේල් 04වනදා තීන්දු කළා.