දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි පැතිරෙන ප්‍රදේශවලින් පුද්ගලයන් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බවයි.

සෝල් නුවර සිට කිලෝමීටර් 250ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි සැන්චියොන්ග් ප්‍රාන්තයෙන් පසුගිය සිකුරාදා මෙම ලැව්ගින්න ආරම්භ වුණා.

මේ අතර පවතින ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා සියලු සම්පත් යොදා ගන්නා ලෙස ආපදා බලධාරීන් ගිනි නිවීමේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *