එළඹෙන 14වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජයසුන්දර සඳහන් කළේ ඊයේ (10) සිට මෙම දුම්රිය ධාවනයට එක්කර ඇති බවයි.

ඒ අනුව එක් දුම්රියක් රාත්‍රී 07.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් දුම්රියක් පස්වරු 5.40ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරනු ලබනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට අමතරව වි‍ශේෂ නගරාන්තර දුම්රියක් අලු‍යම 5.30ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය දක්වා ගමන් කරන බවයි.

පස්වරු 1.50ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *