කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසනවා.

ඒ, කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 6දෙනෙක් චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුවයි.

ඉන්දියාවෙන් එම බුද්ධි තොරතුර ලැබී තිබුණු බව වාර්තා වන අතර පොලීසිය, ගුවන් හමුදාව, ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක තිබුණා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *