පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද(05) උදෑසන ආරම්භ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම ආරක්ෂාව සඳහා යොදවා ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000ක්.

අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයින්ගේ සහය ද, ඒ සඳහා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *