අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම විශේෂ දුම්රිය කාලසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් සිය ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමේ හැකියාව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *