රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.
ඊයේ (02) සිට 08වනදා දක්වා රජය විසින් බදු ශක්ති නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේදී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මඟින් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට නියමිතයි.
එහිදී ජංගම බදු සේවා පැවත්වීමටද කටයුතු යොදා තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.