කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
ඒ මධ්‍යම පළාතේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වේල්ලට පහළින් කොත්මලේ ඔය අසල පදිංචිකරුවන් සහ කොත්මලේ ඔයෙන් ජලය භාවිතා කරන අය මෙම ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පැවතිය හැකි වැසි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
එමෙන්ම විනෝද චාරිකා සඳහා ගොස් සිටින ජනතාව කොත්මලේ ඔයෙන් දිය නෑමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳවද අවධාන යොමු කරන ලෙස එම මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.