ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේදී වාර්තා වී තිබෙනවා.

එහිදී වාර්තා වන්නේ ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් බවයි.

මේ අනුව 2025 පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන සතිපතා දත්ත වාර්තාවේ දක්වා තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *