ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ ( JCETC ) තුන්වන සැසිවාරය අද (24) කොළඹදී පවත්වා තිබෙනවා.
ඒ වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහි අරමුණ වනුයේ දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි.
මෙම සැසියේදී නව අවස්ථාවන් ගවේෂණය කිරීමේ අරමුණින් දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ තාක්ෂණික විශේෂඥයින් හමුවීමට නියමිත බවයි.