6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වෙන අතර ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා.
එම යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 1500 බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ඊයේ රාත්‍රියේ දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ළහිරු අචින්තයි.
ඒ, මිනිත්තු 3යි තත්පර 59යි දශම 4යි 7ක කාලයකින් තරඟය අවසන් කරමින්.
එමෙන්ම යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දුයි.
ඇය සටහන් කළ කාලය තත්පර 11යි දශම 9යි 2ක්.
මේ අතර, ශ්‍රී ලංකාවේ ඉමේෂ් සිල්වා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලක ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරඟයට අද (17) සුදුසුකම් ලැබුවා.
ඒ, සෞදි අරාබියේදී අද උදෑසන පැවැති මූලික වටයේ තරගයේදී දෙවැනි ස්ථානයට පත් වෙමිනුයි.
ඔහු දැක්වූ දක්ෂතාවය තත්ත්පර 21යි දශම 7යි 1ක්.
(rednewsalert.lk)