ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අරාබි මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
එම අත්අඩංගුවට ගත් පිරිස සමඟ එම මත්ද්‍රව්‍ය සහිත බෝට්ටු දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.