චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියේ 400×4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක හා සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදීමට නියමිතයි.
මෙම තරඟාවලිය මැයි 10 හා 11 දිනවල ගුවැන්ෂු හි ගුවැන්ඩොං ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර
ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 7වන අදියර මෙය වනවා.
එය චීනයේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)