සිංහල හා හින්දු අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අප්‍රෙල් මස 16 වැනි බදාදා එනම් හෙට දිනයේ පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙන්නේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙනි.
(rednewsalert.lk)