දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු වයස අවුරුදු 29 ක් වූ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙක් සමඟ ඊයේ (12) සවස් කාලයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *