පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙනවා.
සාමාන්‍ය දිනවලදී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ක්‍රියාත්මක වන්නේ පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වායි.
නමුත් ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(rednewsalert.lk)