බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) ඇතැම් ස්ථානවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50 – 60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 – 50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *