ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස් කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිසුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථානය අසල ක්‍රීඩා පිටියේදී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදීයි.

අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක් වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක්.

පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *