මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන පියාසර කිරීමට නියමිතව පැවති තවත් ඇමරිකානු ගුවන්යානයක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එංජිමේ ඇතිවූ හදිසි ගින්නත් සමඟ යානයේ සිටි පිරිස වහාම ඉන් ඉවත්කිරීමට බලධාරීන් පියවර ගත් බවයි.

ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක මෙලෙස ගින්න හට ගෙන තිබෙනවා.

ගින්න හටගෙන තිබුණේ යානය මගීන්ද සමඟින් එරට ෆ්ලොරිඩාහි ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවත්වා තිබියදීයි.

ගින්න ඇතිවූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *