ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා.
ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගෙන් ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවයි.
මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පවසනවා.
මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිඳු ප්‍රතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.