පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 78ක් වන රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සන්තකයේ තිබී කොඩයිට් කිලෝග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක්, වෝටර් ජෙල් කූරු 15ක්, ඩෙටනේටර් 28ක් සහ සේවා නූල් අඩි 22ක් සොයාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *