නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3,969ක් හා නීති විරෝධී මත්පැන් ලීටර් 405ක් සමඟ සැකකරුවෙක් ඊයේ (07) පමුණුගම පොලිස් වසමේ කුංජාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.