බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක් සහ පතරොම් 03ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හසලක තෝරපිටිය ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හසලක පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

පොලීසිය සඳහන් කළේ එම ගිනිඅවිය උපයෝගී කරගනිමින් අපරාධ සිදු කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *