Tag: election

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙයි

මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී…

ඥානසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

සහල් ආනයනය සඳහා රජය ලබා දුන් කාලය හෙටින් අවසන් වෙයි

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දුන් කාලය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති…

ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී…

අද ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සබරගමුව සහ දකුණු…

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.46ක් ලෙස…

ක්ලීන් ශ්‍රී ලංකා ගැන දෙදින විවාදයක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. . ඒ අනුව ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය…

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ඒ සඳහා මේ වන විටත් මූලික…

2025 වසරේදී 8,000කට දකුණු ‍කොරියානු රැකියා

2025 වසරේදී ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු ‍කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ දකුණු කොරියාවේ…

උතුරු මැද පළාත් විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් ගුරුවරයෙක්ගේ වැඩ තහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි…