Tag: news

කටුගස්තොට මාරක රිය අනතුරක්

කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් බස් රථයක ගැටී ඊයේ (25) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මහනුවර කුරුණෑගල මාර්ගයේ කටුගස්තොට ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් ‍11යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ මැල්වත්ත කොටහේන ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…

ඇමති විජිත අද ජිනීවා සැසිවාරය අමතයි

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට ඔහු කවුන්සලය ඇමතීමට නියමිත බවයි සඳහන් වන්නේ. ජිනීවා…

කන්දකාඩු රැඳවියන් 04ක් පළා යයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙක් පැන ගොස් තිබෙනවා. මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අවුරුදු 29-34 අතර වයස්වල පසුවන රැඳවියන් පිරිසක් බවයි සඳහන් වන්නේ.

නාදුනන මෘත ශරීරයක් මස්කෙළියෙන් හමුවෙයි

නාදුනන පිරිමි මල සිරුරක් ඇති බවට මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ ගාඩ්මෝර් දියඇල්ල අසළදීයි. පොලීසිය සඳහන් කළේ උස අඩි 05 අඟල් 06ක් පමණ වන…

කඩවත මාරක රිය අනතුරක්

නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් තුරුපැදියක ගැටී අනතුරුව යතුරුපැදිය මාර්ගයේ ඇදී ගොස් පදික කාන්තාවකගේද ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රන්මුතුගල ප්‍රදේශයේදීයි. පොලීසිය…

මස්කෙළියේ ගින්න ගුවන් හමුදා සහායෙන් මැඩපවත්වයි

මස්කෙළිය, නල්ලතන්නිය ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බම්බි බාල්දියක් සහිත බෙල් 412 හෙලිකොප්ටරයක් ​​යොදවා තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්…

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඌරුබොක්ක පරෙයිදෙනිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන මොරගල, කිරිලිපන ප්‍රදේශයේ…

වැල්ලවාය හෙනවල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති හෙනවල කඳු රක්ෂිතයේ ඊයේ(24) විශාල ගින්නක් හට ගෙන තිබෙනවා. වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කළේ ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පීරිස් මාවත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ…