Tag: police

අද රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.00ක්…

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි…

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරක්

පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ගුවන් යානය තායිලන්තයේ…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය…

අල්ලස් ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් ව්‍යාපාරිකයෙක්ගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ කැළිකසළ බැහැර කිරීම ඉහළට

උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය…

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට දින 04ක් වැසෙයි

ගාලු‍ කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එය ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව අද සිට 31වනදා දක්වා ගාලු‍ කොටුවට ඇතුළුවීම…

ජාතික තෛපොංගල් සැමරුම යාපනයේදී

ජාතික තෛපොංගල් සැමරුම ජනවාරි 18 වනදා යාපනය තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමය තීරණය කර තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින්. එම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (26) විෂයභාර…

විදුලි ගාස්තු සංශෝධනයට ගැන මහජන අදහස් විමසීම ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව වසරේ පළමු…