Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

මැයි මාසයේ උද්ධනය 0.6%ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව…

ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එළැඹෙන 26 වන…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට වරෙන්තු

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන…

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් කොමසාරිස්වරුන්ට ඒ සඳහා පැමිණෙන…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත් කරයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන පසුගියදා…

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්

විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් චීනයේ චෙන්ග්ඩු හිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත…

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති…

පොල් දෙසතිය යාපනයෙන් ඇරඹෙයි

පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහායි. පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන්…

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල ගාස්තු වැඩි කරයි

බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකයකට රු.45.80ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙම මිල ලංකා විදුලි බල මණ්ඩලය විසින් සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.