Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

සිරියාවෙන් එරට කාන්තාවන්ට නියෝගයක්

පොදු වෙරළ තීරයන්වලදී සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මඟින් මෙම නියෝගය නිකුත්…

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ සේවිකාවට ලැබුණු තීන්දුව

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

බන්ධනාගාරගත කළ ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් අධිකරණයට

වැඩතහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස…

Manhunt International තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

23වන Manhunt International තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් වුණා. මෙම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදීයි. 23වන Manhunt International තරගාවලියේ ශූරතාවය ප්‍රංශය හිමි කරගෙන තිබෙනවා.

අමාත්‍යාංශ 04කට වැඩබලන අමාත්‍යවරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි…

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිටියි

කොළඹ, කළුතර මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (06) උදෑසන විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. ඒ බියගම සහ පන්නිපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන්. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මේ වන…

කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට…