Tag: srilankanews

විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට පහරදීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් වෙයි

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙක්ට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදු කිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (03) නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මන්තීරුවක් අවහිර වෙයි

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මන්තීරුවක් අවහිර වී තිබෙනවා. මෙලස අවහිර වී ඇත්තේ ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මන්තීරුවයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.15ක් ලෙසයි. එමන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…

ඇතැම් ප්‍රදේශවලට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුව සැප්තැම්බර් 12වනදා දක්වා යළි…

පූජ්‍ය අතුරලියේ රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබෙන්නේ 2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික…

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) කොච්චිකඩේ පොලීසියට භාර වූ අවස්ථාවේදීයි. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේදී උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු…

මේ මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැට හය දහස ඉක්මවයි

2025 වර්ෂයේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි විස්දෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැට හය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම සංඛ්‍යාව 166,766ක්. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්න්…

වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද (28) අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්…