Tag: srilankanews

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්වී තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ලබන 26වනදා දක්වායි. අල්ලස් කොමිසමේ…

හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තවදුරටත් රිමාන්ඩ්

2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට දැනුම්දීමක්

සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රීය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ ආලියන්දයට ඇතුළුවීම අත්හිටුවන බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසනවා. එම…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) ඒකක 252.16කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 20,470.52ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම…

සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය නිසා අවහිරව තිබූ දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (18) පීලි පැනීමකට ලක්වූ සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මේ වන විට දුම්රිය ගමනා…

මහ පාරේ ගසක් යට තිබී T – 56 ගිනිඅවි 03ක් හමුවෙයි

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි 03ක් සොයාගෙන තිබෙනවා. ඒ නවගමුව පොලීසිය විසින්. එහි බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද තිබූ බවයි…

පළාත් සභා මැතිවරණය 2026 වර්ෂයේ පළමු මාස 06 ඇතුළත ?

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

අද (14) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 08.00…