යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති vladimir Putin යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි.
යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති volodymyr zelensky තමාට දැන්වූ බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ තමන් ජනපති වූ වහාම රුසියනු – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.