දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ⁠පස්සර සහ ⁠හාලිඇල ප්‍රදේශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, ⁠පාතදුම්බර සහ උඩුදුම්බර ප්‍රදේශවලටත් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය රිදීගම ප්‍රදේශයට, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, ⁠රත්තොට ප්‍රදේශවලට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ ⁠හගුරන්කෙත ප්‍රදේශවලට එම නිවේදනය බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රී 8.30 සිට අද (13) රාත්‍රී 8.30 දක්වා වූ පැය 24 සඳහා එම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *